Pennu Case (2026) Sinhala Subtitles

Pennu Case (2026) Sinhala Subtitles

සිංහල උපසිරැසි
Pennu Case (2026) Sinhala Subtitles

මලයාලම් සිනමාවට ආදරය කරන අයට කිසිම කම්මැලිකමක් නැතුව, හිනා වෙවී වගේම ලොකු කුතුහලයකින් බලන්න පුළුවන් නියම ෆිල්ම් එකක් තමයි Pennu Case කියන්නේ. Comedy සහ Thriller කියන ශානර දෙකම නියමටම කලවම් කරලා තියෙන මේ ෆිල්ම් එක, පටන් ගත්තු වෙලාවේ ඉඳන් අන්තිම වෙනකන්ම ප්‍රේක්ෂකයාගේ අවධානය තියාගන්න සමත් වෙලා තියෙනවා.

කතාව පටන් ගන්නේ ලොකු කලබලයකින්. සුභාෂ් කියන කෙනාගේ මඟුල් ගෙදරට එකපාරටම පිරිමි කට්ටියක් කඩා පනිනවා. එයාලා ඇවිත් කියන්නේ පුදුම කතාවක්; ඒ තමයි මනමාලි විදිහට ඉන්න කෙනා තමන්ගේ නීත්‍යානුකූල බිරිඳ කියන එක! බලන් යද්දී මේ කෙල්ල (එයාට බින්දු, සූසන්, රෝහිණී වගේ නම් ගොඩක් තියෙනවා) කරලා තියෙන්නේ කේරළය පුරාම ඉන්න පිරිමින්ව රවට්ටලා කසාද බඳින එක. මඟුල දවසේ රෑට සල්ලි සහ රත්තරන් බඩුත් අරගෙන පැනලා යන එක තමයි මෙයාගේ සෙල්ලම. කොහොම හරි මේ රවටපු පිරිමි ඔක්කොම එකතු වෙලා අන්තිමේදී මෙයාව අල්ලගෙන පොලිසියට භාර දෙනවා.

පොලිසියට ගියාට පස්සේ තමයි නියම සෙල්ලම පටන් ගන්නේ. හැමෝම හිතන්නේ මේක මේ කෙල්ල තනියම කරපු වංචාවක් කියලා. ඒත් ඇත්තටම එහෙමද? අහිංසක පෙනුමක් තියෙන මේ කෙල්ල ඇයි මේ වගේ දේවල් කරන්නේ? මේක පිටිපස්සේ කවුරුහරි මහ මොළකරුවෙක් ඉන්නවද? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන යන ගමන තමයි ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ.

පරිවර්ථනය සහ උපසිරැසි ගැන්වීම Deshika Jayantha
Previous Post Next Post