Kerala Crime Files Season 2 - Episode 01
Shuffle in the Capital
Kerala Crime Files පළමු සීසන් එක (Shiju, Parayil Veedu, Neendakara) ඔයාලා බැලුවා නම්, ඒකේ තිබුණු තාත්වික (Realistic) ගතියට ඔයාලා කැමති වෙන්න ඇති. මෙන්න ඒකේ දෙවැනි සීසන් එක.
Kerala Crime Files Season 2 Sinhala Subtitles
මෙවර කතාව යන්නේ CPO අම්බිිලි රාජු (Indrans) කියන පොලිස් නිලධාරියාගේ අතුරුදහන් වීමක් වටා. අලුතින් පත් වෙලා එන පොලිස් කණ්ඩායමක් (SI Noble - Arjun Radhakrishnan ඇතුළු පිරිස) මේ අතුරුදහන් වීම ගැන පරීක්ෂණ පවත්වනවා. අහිංසක මනුස්සයෙක් වගේ පේන මේ අම්බිල් රාජු ඇත්තටම කවුද? එයාට මොකද වුණේ? කියන එක තමයි කතාව පුරාම දිවෙන්නේ.
මේ සීසන් එකේ ලොකුම ශක්තිය රඟපෑමයි. අපි සාමාන්‍යයෙන් විකට නළුවන් විදිහට දකින ඉන්ද්‍රන්ස් (Indrans) සහ හරිශ්‍රී අශෝකන් මෙහි ඉතාම බරපතල සහ ගැඹුරු චරිත රඟපානවා. ඔවුන්ගේ රඟපෑම ඇත්තටම විශිෂ්ටයි.
මේකේ පිටපත ලියලා තියෙන්නේ සුපිරි මලයාලම් චිත්‍රපටයක් වුණු Kishkindha Kaandam ලියපු රචකයාමයි (Bahul Ramesh). ඒ නිසා කතාව බොහොම හෙමින්, නමුත් කුතුහලය (Suspense) උපරිමයෙන් තියාගෙන ඉස්සරහට යන්නේ.
මේ කොටසින් කතාවේ පදනම ඉතාම කුතුහලය දනවන විදිහට සකස් කරනවා. පොලිස් නිලධාරියෙක් වන අඹිලි රාජුගේ හදිසි අතුරුදහන් වීමත්, ලේ තැවරුණු ජංගම දුරකථනයක් හමුවීමත් එක්ක ප්‍රේක්ෂකයාගේ අවධානය එකපාරටම කතාවට ඇදලා ගන්නවා. විශේෂයෙන්ම SI නෝබල් (Noble) මේ පරීක්ෂණය භාර ගැනීමත්, පොලිසිය ඇතුළේ තියෙන දූෂණ සහ අඹිලි රාජුගේ බලපෑම් ගැන ඉඟි කිරීමත් නිසා මෙය සාමාන්‍ය අතුරුදහන් වීමකට වඩා එහා ගිය දෙයක් බව මේ කොටසින්ම තේරුම් යනවා.
උපසිරැසි නිර්මාණය - දේශික ජයන්ත