Kerala Crime Files Season 2 Episode 02 Sinhala Subtitles | අපරාධකරු සහ පොලිසිය

Kerala Crime Files Season 2 Sinhala Subtitles

Kerala Crime Files Season 2 - Episode 02
Ambili-Ayyappan Puzzle


Kerala Crime Files පළමු සීසන් එක (Shiju, Parayil Veedu, Neendakara) ඔයාලා බැලුවා නම්, ඒකේ තිබුණු තාත්වික (Realistic) ගතියට ඔයාලා කැමති වෙන්න ඇති. මෙන්න ඒකේ දෙවැනි සීසන් එක.

Kerala Crime Files Season 2 Sinhala Subtitles


මෙවර කතාව යන්නේ CPO අම්බිිලි රාජු (Indrans) කියන පොලිස් නිලධාරියාගේ අතුරුදහන් වීමක් වටා. අලුතින් පත් වෙලා එන පොලිස් කණ්ඩායමක් (SI Noble - Arjun Radhakrishnan ඇතුළු පිරිස) මේ අතුරුදහන් වීම ගැන පරීක්ෂණ පවත්වනවා. අහිංසක මනුස්සයෙක් වගේ පේන මේ අම්බිල් රාජු ඇත්තටම කවුද? එයාට මොකද වුණේ? කියන එක තමයි කතාව පුරාම දිවෙන්නේ.

මේ සීසන් එකේ ලොකුම ශක්තිය රඟපෑමයි. අපි සාමාන්‍යයෙන් විකට නළුවන් විදිහට දකින ඉන්ද්‍රන්ස් (Indrans) සහ හරිශ්‍රී අශෝකන් මෙහි ඉතාම බරපතල සහ ගැඹුරු චරිත රඟපානවා. ඔවුන්ගේ රඟපෑම ඇත්තටම විශිෂ්ටයි.

මේකේ පිටපත ලියලා තියෙන්නේ සුපිරි මලයාලම් චිත්‍රපටයක් වුණු Kishkindha Kaandam ලියපු රචකයාමයි (Bahul Ramesh). ඒ නිසා කතාව බොහොම හෙමින්, නමුත් කුතුහලය (Suspense) උපරිමයෙන් තියාගෙන ඉස්සරහට යන්නේ.

පළමු කොටසේ මතු වුණු ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න ගිහින් තවත් ප්‍රශ්න ගොඩක් මතුවන කොටසක් මේක. අඹිලිගේ අතීතය හාරා අවුස්සන විට, හිටපු සිරකරුවෙක් වන අයියප්පන් එක්ක තිබුණු අමුතු සම්බන්ධය එළියට එනවා. පොලිස් නිලධාරියෙක් සහ අපරාධකරුවෙක් අතර මෙහෙම සම්බන්ධයක් තියෙන්නේ කොහොමද කියන එක ප්‍රේක්ෂකයාට ලොකු ප්‍රහේලිකාවක් වෙනවා. නෝබල්ගේ පරීක්ෂණ කණ්ඩායම වගේම අපිත් මේ කොටසේදී ලොකු ව්‍යාකූලත්වයකට පත් වෙනවා.


  උපසිරැසි නිර්මාණය - දේශික ජයන්ත

Download - HC Video සිංහල උපසිරැසි ලබාගන්න
Previous Post Next Post