Kerala Crime Files Season 2 Episode 03 Sinhala Subtitles | සාක්ෂි එකතු කිරීම

Kerala Crime Files Season 2 Sinhala Subtitles

Kerala Crime Files Season 2 - Episode 03
Crossing Borders


Kerala Crime Files පළමු සීසන් එක (Shiju, Parayil Veedu, Neendakara) ඔයාලා බැලුවා නම්, ඒකේ තිබුණු තාත්වික (Realistic) ගතියට ඔයාලා කැමති වෙන්න ඇති. මෙන්න ඒකේ දෙවැනි සීසන් එක.

Kerala Crime Files Season 2 Sinhala Subtitles


මෙවර කතාව යන්නේ CPO අම්බිිලි රාජු (Indrans) කියන පොලිස් නිලධාරියාගේ අතුරුදහන් වීමක් වටා. අලුතින් පත් වෙලා එන පොලිස් කණ්ඩායමක් (SI Noble - Arjun Radhakrishnan ඇතුළු පිරිස) මේ අතුරුදහන් වීම ගැන පරීක්ෂණ පවත්වනවා. අහිංසක මනුස්සයෙක් වගේ පේන මේ අම්බිල් රාජු ඇත්තටම කවුද? එයාට මොකද වුණේ? කියන එක තමයි කතාව පුරාම දිවෙන්නේ.

මේ සීසන් එකේ ලොකුම ශක්තිය රඟපෑමයි. අපි සාමාන්‍යයෙන් විකට නළුවන් විදිහට දකින ඉන්ද්‍රන්ස් (Indrans) සහ හරිශ්‍රී අශෝකන් මෙහි ඉතාම බරපතල සහ ගැඹුරු චරිත රඟපානවා. ඔවුන්ගේ රඟපෑම ඇත්තටම විශිෂ්ටයි.

මේකේ පිටපත ලියලා තියෙන්නේ සුපිරි මලයාලම් චිත්‍රපටයක් වුණු Kishkindha Kaandam ලියපු රචකයාමයි (Bahul Ramesh). ඒ නිසා කතාව බොහොම හෙමින්, නමුත් කුතුහලය (Suspense) උපරිමයෙන් තියාගෙන ඉස්සරහට යන්නේ.

කතාව තිරුවනන්තපුරම්වලින් එළියට ගිහින් එරණාකුලම් දක්වා පුළුල් වෙනවා. මෙතනදී කතාවේ වේගය ටිකක් වැඩි වෙනවා වගේම CI මනෝජ්ගේ චරිතයත් කතාවට සම්බන්ධ වෙනවා. තැන තැන විසිරිලා තිබුණු සාක්ෂි (Jigsaw puzzle) එකට එකතු කරන්න නෝබල් දරන උත්සාහය මේ කොටසේ හොඳින්ම පෙන්නනවා. විවිධ සිද්ධි දෙකක් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කුතුහලය මේ කොටස පුරාම දුවනවා.


  උපසිරැසි නිර්මාණය - දේශික ජයන්ත

Download - HC Video සිංහල උපසිරැසි ලබාගන්න
Previous Post Next Post