Kerala Crime Files Season 2 Episode 04 Sinhala Subtitles | නෝබල්ගේ ඉව

Kerala Crime Files Season 2 Sinhala Subtitles

Kerala Crime Files Season 2 - Episode 04
Nobles Instinct


Kerala Crime Files පළමු සීසන් එක (Shiju, Parayil Veedu, Neendakara) ඔයාලා බැලුවා නම්, ඒකේ තිබුණු තාත්වික (Realistic) ගතියට ඔයාලා කැමති වෙන්න ඇති. මෙන්න ඒකේ දෙවැනි සීසන් එක.

Kerala Crime Files Season 2 Sinhala Subtitles


මෙවර කතාව යන්නේ CPO අම්බිිලි රාජු (Indrans) කියන පොලිස් නිලධාරියාගේ අතුරුදහන් වීමක් වටා. අලුතින් පත් වෙලා එන පොලිස් කණ්ඩායමක් (SI Noble - Arjun Radhakrishnan ඇතුළු පිරිස) මේ අතුරුදහන් වීම ගැන පරීක්ෂණ පවත්වනවා. අහිංසක මනුස්සයෙක් වගේ පේන මේ අම්බිල් රාජු ඇත්තටම කවුද? එයාට මොකද වුණේ? කියන එක තමයි කතාව පුරාම දිවෙන්නේ.

මේ සීසන් එකේ ලොකුම ශක්තිය රඟපෑමයි. අපි සාමාන්‍යයෙන් විකට නළුවන් විදිහට දකින ඉන්ද්‍රන්ස් (Indrans) සහ හරිශ්‍රී අශෝකන් මෙහි ඉතාම බරපතල සහ ගැඹුරු චරිත රඟපානවා. ඔවුන්ගේ රඟපෑම ඇත්තටම විශිෂ්ටයි.

මේකේ පිටපත ලියලා තියෙන්නේ සුපිරි මලයාලම් චිත්‍රපටයක් වුණු Kishkindha Kaandam ලියපු රචකයාමයි (Bahul Ramesh). ඒ නිසා කතාව බොහොම හෙමින්, නමුත් කුතුහලය (Suspense) උපරිමයෙන් තියාගෙන ඉස්සරහට යන්නේ.

පොලිස් පොත්වල තියෙන නීති රීතිවලට වඩා තමන්ගේ ඉව (Instinct) විශ්වාස කරන නිලධාරියෙක් විදිහට නෝබල්ව මෙතනදී දකින්න පුළුවන්. CI මනෝජ්ගේ සහයෝගයත් එක්ක නෝබල් සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව පරීක්ෂණ කරන හැටි හරිම සිත්ගන්නාසුලුයි. මේ වෙනස් ක්‍රමය නිසාම කතාවේ තීරණාත්මක හෝඩුවාවක් (Crucial lead) හමුවෙනවා. විමර්ශන Thriller එකක තිබිය යුතු හොඳම ගති ලක්ෂණ මේ කොටසේ තියෙනවා.


  උපසිරැසි නිර්මාණය - දේශික ජයන්ත

Download - HC Video සිංහල උපසිරැසි ලබාගන්න
Previous Post Next Post