Kerala Crime Files Season 2 - Episode 06 (The End)
Nobles Stadium Theory
Kerala Crime Files පළමු සීසන් එක (Shiju, Parayil Veedu, Neendakara) ඔයාලා බැලුවා නම්, ඒකේ තිබුණු තාත්වික (Realistic) ගතියට ඔයාලා කැමති වෙන්න ඇති. මෙන්න ඒකේ දෙවැනි සීසන් එක.
මෙවර කතාව යන්නේ CPO අම්බිිලි රාජු (Indrans) කියන පොලිස් නිලධාරියාගේ අතුරුදහන් වීමක් වටා. අලුතින් පත් වෙලා එන පොලිස් කණ්ඩායමක් (SI Noble - Arjun Radhakrishnan ඇතුළු පිරිස) මේ අතුරුදහන් වීම ගැන පරීක්ෂණ පවත්වනවා. අහිංසක මනුස්සයෙක් වගේ පේන මේ අම්බිල් රාජු ඇත්තටම කවුද? එයාට මොකද වුණේ? කියන එක තමයි කතාව පුරාම දිවෙන්නේ.
මේ සීසන් එකේ ලොකුම ශක්තිය රඟපෑමයි. අපි සාමාන්‍යයෙන් විකට නළුවන් විදිහට දකින ඉන්ද්‍රන්ස් (Indrans) සහ හරිශ්‍රී අශෝකන් මෙහි ඉතාම බරපතල සහ ගැඹුරු චරිත රඟපානවා. ඔවුන්ගේ රඟපෑම ඇත්තටම විශිෂ්ටයි.
මේකේ පිටපත ලියලා තියෙන්නේ සුපිරි මලයාලම් චිත්‍රපටයක් වුණු Kishkindha Kaandam ලියපු රචකයාමයි (Bahul Ramesh). ඒ නිසා කතාව බොහොම හෙමින්, නමුත් කුතුහලය (Suspense) උපරිමයෙන් තියාගෙන ඉස්සරහට යන්නේ.
සාක්ෂි නැති වුණාට නෝබල් තමන්ගේ මතයේ (Theory) එල්ලිලා ඉන්න හැටි මේ කොටසේ දකින්න පුළුවන්. "Central Stadium Theory" එක ඔප්පු කරන්න සාක්ෂි හොයන නෝබල්ගේ කැපවීම සහ පීඩනය මෙතනදී හොඳටම දැනෙනවා. කතාවේ අගට යද්දී සියලුම කොටස් එකට ගැළපෙනවාද නැද්ද කියන නොඉවසිල්ල මේ කොටස බලද්දී ඇති වෙනවා. අවසාන විසඳුම මොකක් වෙයිද?
උපසිරැසි නිර්මාණය - දේශික ජයන්ත