Kerala Crime Files Season 2 Episode 05 Sinhala Subtitles | නැවතත් මුලට

Kerala Crime Files Season 2 Sinhala Subtitles

Kerala Crime Files Season 2 - Episode 05
Back to Square One


Kerala Crime Files පළමු සීසන් එක (Shiju, Parayil Veedu, Neendakara) ඔයාලා බැලුවා නම්, ඒකේ තිබුණු තාත්වික (Realistic) ගතියට ඔයාලා කැමති වෙන්න ඇති. මෙන්න ඒකේ දෙවැනි සීසන් එක.

Kerala Crime Files Season 2 Sinhala Subtitles


මෙවර කතාව යන්නේ CPO අම්බිිලි රාජු (Indrans) කියන පොලිස් නිලධාරියාගේ අතුරුදහන් වීමක් වටා. අලුතින් පත් වෙලා එන පොලිස් කණ්ඩායමක් (SI Noble - Arjun Radhakrishnan ඇතුළු පිරිස) මේ අතුරුදහන් වීම ගැන පරීක්ෂණ පවත්වනවා. අහිංසක මනුස්සයෙක් වගේ පේන මේ අම්බිල් රාජු ඇත්තටම කවුද? එයාට මොකද වුණේ? කියන එක තමයි කතාව පුරාම දිවෙන්නේ.

මේ සීසන් එකේ ලොකුම ශක්තිය රඟපෑමයි. අපි සාමාන්‍යයෙන් විකට නළුවන් විදිහට දකින ඉන්ද්‍රන්ස් (Indrans) සහ හරිශ්‍රී අශෝකන් මෙහි ඉතාම බරපතල සහ ගැඹුරු චරිත රඟපානවා. ඔවුන්ගේ රඟපෑම ඇත්තටම විශිෂ්ටයි.

මේකේ පිටපත ලියලා තියෙන්නේ සුපිරි මලයාලම් චිත්‍රපටයක් වුණු Kishkindha Kaandam ලියපු රචකයාමයි (Bahul Ramesh). ඒ නිසා කතාව බොහොම හෙමින්, නමුත් කුතුහලය (Suspense) උපරිමයෙන් තියාගෙන ඉස්සරහට යන්නේ.

පරීක්ෂණයක් කියන්නේ කෙලින් යන පාරක් නෙවෙයි කියන එක මේ කොටසින් ඔප්පු කරනවා. අයියප්පන් ගැන ලැබෙන අලුත් තොරතුරු නිසා කණ්ඩායම ආපහු පටන් ගත්ත තැනටම එනවා වගේ හැඟීමක් ඇති වෙනවා. විශේෂයෙන්ම අර "බල්ලන්ගේ රැකවරණ මධ්‍යස්ථානය" (Dog retirement shelter) හා සම්බන්ධ අභිරහස් සිද්ධීන් මේකට ගෑවෙන්නේ කොහොමද කියන එක හිතාගන්න බැරි තරම් සංකීර්ණයි. ප්‍රේක්ෂකයා නොහිතන පැත්තකට කතාව හැරෙන තැනක් මේක.


  උපසිරැසි නිර්මාණය - දේශික ජයන්ත

Download - HC Video සිංහල උපසිරැසි ලබාගන්න
Previous Post Next Post