Header Ads Widget

Athi Bheekara Kaamukan (2025) Sinhala Subtitles

Athi Bheekara Kaamukan (2025) Sinhala Subtitles

භයානක ප්‍රේමවන්තයෙක්


මලයාලම් සිනමාව කියන්නේ හැමදාම අපිව පුදුම කරන තැනක්. නම දැක්කම මේක මොකක් හරි ත්‍රිලර් එකක් හරි, අමුතුම විදිහේ කතාවක් හරි කියලා හිතුනට, මේක ඊට හාත්පසින්ම වෙනස් ලස්සන, සරල සුන්දර චිත්‍රපටයක්.

අර්ජුන් (Arjun) කියන්නේ ගමේ යාළුවෝ එක්ක ක්‍රිකට් ගගහා, කාලේ කකා ඉන්න, අහිංසක ඒ වගේම පොඩ්ඩක් මෝඩ පහේ කොල්ලෙක්. තාත්තා නැති වුණාට පස්සේ අම්මා තමයි පුදුම කට්ටක් කාලා මෙයාව හදාගන්නේ. අන්තිමට කොහොම හරි අම්මගේ බලකිරීමට මෙයා දුර පලාතක කොලේජ් එකකට යනවා.

ඔන්න එතනදි තමයි මෙයාට 'අනු' (Anu) ව හම්බවෙන්නේ. කෙල්ලෙක් දිහා කෙලින් බලන්නවත් බය අර්ජුන්ගේ හිතේ අනු ගැන ලොකු ආදරයක් ඇති වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, කොච්චර ආදරේ හිතුනත් එයාට ඒක කියාගන්න තියෙන බය. අර්ජුන්ගේ හොඳම යාළුවා 'ශ්‍රීකුට්ටා' කොච්චර පුෂ් එක දුන්නත් අර්ජුන්ට කට ඇරලා ඒක කියාගන්න බැරි වෙනවා.

අන්තිමට අනුට වෙන කසාදයක් තීන්දු වුණාම අර්ජුන්ගේ ලෝකේ කඩා වැටෙනවා. එතනින් එහාට අර්ජුන් ජීවිතේට මූණ දෙන විදිහත්, තමන්ගේ අම්මගේ වටිනාකම තේරුම් ගන්න විදිහත් තමයි මේ ෆිල්ම් එකෙන් ලස්සනට පෙන්නන්නේ.



  උපසිරැසි නිර්මාණය - දේශික ජයන්ත

Drive Icon 720p Subtitle HC (980MB) Magnet Icon 1080p HQ x264 (1.6GB) Magnet Icon 720p HQ x264 (950MB) FB Icon Watch on Facebook SRT Icon සිංහල උපසිරැසි ලබාගන්න