Aaromaley (2025) Sinhala Subtitles
මංගල සේවය
ආදරේ කියන්නේ අපි හොයාගෙන යන දෙයක් නෙවෙයි, අපිව හොයාගෙන එන දෙයක්!
ආදර කතා ඕන තරම් අපි දැකලා තියෙනවා. හැබැයි "Aaromaley" කියන්නේ නිකන්ම නිකන් ආදර කතාවක් නෙවෙයි. මේක අද කාලේ තරුණ තරුණියන්ගේ ආදරය, විවාහය සහ ජීවිතය ගැන හරිම ලස්සනට, ඒ වගේම හිතට වදින විදිහට කතා කරන Feel-good වර්ගයේ චිත්‍රපටයක්.
Aaromaley (2025) Sinhala Subtitles
අජිත් (Hero) කියන්නේ ආදරේ හොයාගෙන ගිහින් හැමදාම ෆේල් වුන කොල්ලෙක්. ඉස්කෝලේ කාලේ ඉඳන් කැම්පස් කාලේ වෙනකල්ම එයාට ආදරේ හරියන්නේ නෑ. අන්තිමේදී එයා රස්සාව විදිහට තෝරගන්නේ "Lifetime Matrimony" කියන මංගල සේවා ආයතනය. අනුන්ට මනමාලයෝ මනමාලියෝ හොයලා දෙන එක තමයි එයාගේ රස්සාව.
මෙතනදී එයාට මුණගැහෙනවා එයාගේ බොස්, අංජලීව. අංජලී කියන්නේ අජිත්ට හාත්පසින්ම විරුද්ධ චරිතයක්. අජිත් ආදරේ විශ්වාස කරද්දී, අංජලී ආදරේ කියන වචනෙටවත් කැමති නෑ. ඉතින් මේ දෙන්නා එකම ඔෆිස් එකක වැඩ කරද්දී මොන වගේ දේවල් වෙයිද? අනුන්ට මැච් හොයන අජිත්ට එයාගේ පර්ෆෙක්ට් මැච් එක හොයාගන්න පුළුවන් වෙයිද? ඒක දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
උපසිරැසි නිර්මාණය - දේශික ජයන්ත