Adrishyam (2022) Sinhala Subtitles
සිංහල උපසිරැසිමලයාලම් සිනමාව කියන්නේ ත්‍රාසජනක (Mystery/Thriller) කතා කලාවට උපපන් සිනමාවක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. Adrishyam (2022) කියන්නෙත් අන්න ඒ වගේ ප්‍රේක්ෂකයාව අන්තිම වෙනකම් පුටුවේ කෙළවරට වෙලා කුතුහලයෙන් බලන් ඉන්න සලස්වන නියම ෆිල්ම් එකක්. කතාව පටන් ගන්නේ අතුරුදහන් වෙන තරුණ ගෑනු ළමයෙක් වටා. හැබැයි මේක නිකම්ම නිකන් අතුරුදහන් වීමක් නෙවෙයි. මේ ගෑනු ළමයව හොයාගෙන එකිනෙකට වෙනස් අරමුණු තියෙන කණ්ඩායම් කීපයක්ම එකම වෙලාවක පරීක්ෂණ පවත්වනවා. රහස් පරීක්ෂකයෙක්, පොලිස් නිලධාරීන් වගේම තවත් අභිරහස් චරිත කීපයක්ම මේ දැලේ පැටලෙනවා. මේ හැමෝම එකම ඉලක්කයක් පස්සේ ගියත්, ඒ හැමෝගෙම පාරවල් එකිනෙකට වෙනස්. මේ අතුරුදහන් වීම පිටිපස්සේ තියෙන ලොකු අපරාධ ජාලය වගේම, හිතාගන්න බැරි සංවේදී කතාව මොකක්ද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.