Perumani (2024) Sinhala Subtitles
සිංහල උපසිරැසි2024 වසරේ තිරගත වුණ Perumani කියන්නේ සාමාන්‍ය මලයාලම් සිනමා රාමුවෙන් ටිකක් මිදිලා නිර්මාණය වුණු වෙනස්ම විදිහක Fantasy/Comedy චිත්‍රපටියක්. Maju ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටියට Sunny Wayne, Vinay Forrt, Lukman Avaran එක්ක Deepa Thomas වගේ දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් දායක වෙනවා. මේ කතාව ගෙතෙන්නේ 'පෙරුමානි' කියන හරිම අමුතු, ඒ වගේම තමන්ගේම කියන පුරාවෘත්ත සහ මිථ්‍යා විශ්වාස තදින්ම අදහන මිනිස්සු පිරිසක් ජීවත් වෙන ගමක් වටා. කතාව ආරම්භ වෙන්නේ මේ ගමේ ඉන්න නසාර් සහ ෆාතිමා කියන දෙන්නගේ ලොකු වෙඩින් එකක් ලෑස්ති වෙන අතරතුර. මේ කලබල අස්සේ ගමට කවුරුවත් නොදන්න අමුත්තෙක් (බායි) කඩාපාත් වෙනවා. ගමේ ඉන්න මිනිස්සු තමන්ගේ තියෙන අන්ධ භක්තිය නිසා මේ අමුත්තාව හාස්කම් තියෙන ශාස්තෘවරයෙක් විදිහට අදහන්න පටන් ගන්නවා. මේ නිසා වෙඩින් එකට වගේම මුළු ගමටම මූණ දෙන්න වෙන පිස්සු හැදෙන අකරතැබ්බ ටික තමයි චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ.